පහල්ගම් ප්‍රහාරයේ රහස් හෙළිවෙයි

657

ඉකුත් අප්‍රේල් 22 වැනිදා 26 දෙනකුට මරු කැඳවමින් ජම්මු හා කාශ්මීර් ප්‍රාන්තයේ පහල්ගම් නගරයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කළ ‘ලෂ්කාර් ඊ ටයිබා’ ත්‍රස්තවාදී කණ්ඩායම හා පාකිස්තාන බුද්ධි අංශය වන අන්තර් සේවා බුද්ධි අංශය (අයිඑස්අයි) අතර මෙහෙයුම් සම්බන්ධතාවයක් පවතින බව පහල්ගම් ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ඉන්දීය ත්‍රස්ත විරෝධී ආයතනය වන ජාතික විමර්ශන ආයතනය විසින් අදාළ විමර්ශනය සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන මූලික වාර්තාවෙහි සඳහන් කර තිබේ.

පහල්ගම් ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ‘ලෂ්කාර් ඊ ටයිබා’ ත්‍රස්තවාදී කණ්ඩායම විසින් කුමන්ත්‍රණය කර ඇත්තේ පාකිස්තාන බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරීන් විසින් ලබාදී තිබෙන නියෝගයන්ට අනුව බව විමර්ශන වාර්තාවෙහි දක්වා තිබේ යැයි ඉන්දියානු මාධ්‍ය කියයි.

අදාළ ප්‍රහාරයේ සැලසුම් සකස් කර ඇත්තේ පාකිස්තානයේ පිහිටි ‘ලෂ්කාර් ඊ ටයිබා’ සංවිධානයේ මූලස්ථානයේ සිට යැයි විශ්වාස කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. පහල්ගම් ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් ලෙස හඳුනාගෙන තිබෙන හෂ්මි මුසා නොහොත් සුලෙයිමාන් හා අලි බායි හෙවත් ටයිහා බායි පාකිස්තාන ජාතිකයන් බව මේ වන විට අනාවරණය කරගෙන තිබේ. අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් විසින් ප්‍රහාරකයන් නිරතුරුවම ප්‍රහාරය එල්ල කරන කාලවකවානු, සැපයුම් හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පාකිස්තානයේ සිටින ප්‍රහාරයේ සැලසුම්කරුවන් හා සන්නිවේදනයේ යෙදී සිට තිබේ. පහල්ගම් ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් ඉන්දියාවට පැමිණ ඇත්තේ ප්‍රහාරයට සති කිහිපයකට පෙර බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඒමන්ති මාරඹේ


advertistmentadvertistment