පහල්ගම් ප්‍රහාරය සම්බන්ධයෙන් චීනයත් කඩිනම් අපක්‍ෂපාතී – පරීක්‍ෂණයක් ඉල්ලයි

68

ඉන්දු කාශ්මීරයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් කඩිනමින් ආරම්භ කළ යුතු බව චීනය ප්‍රකාශ කර තිබේ.

පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ්, පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඕනෑම මධ්‍යස්ථ, විනිවිද පෙනෙන සහ විශ්වාසදායක පරීක්ෂණයකට තම රට විවෘත බව ප්‍රකාශ කිරීමෙන් දිනකට පසු චීන රජය නිවේදනය කළේ ‘අපක්ෂපාතී පරීක්ෂණයක්’ කඩිනමින් ආරම්භ කිරීම සඳහා සහාය දක්වන බවයි.

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී සහ පාකිස්තාන නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් අතර පසුගිය ඉරිදා පැවති දුරකථන සංවාදයෙන් පසුව චීනය මෙම ප්‍රකාශය සිදු කර තිබේ.

චතුර පමුණුව


advertistmentadvertistment