ඉස්මයිලි මුස්ලිම් ප්‍රජාවේ අධ්‍යාත්මික නායකයා මෙන්ම මධ්‍යම හා දකුණු ආසියාතික රටවලට ආධාර සපයන, සංවර්ධන ආධාර සපයන ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘවරයාද වන ප්‍රකෝටිපති ව්‍යාපාරික අගා ඛාන් පෙරේදා (04දා) පෘතුගාලයේ ලිස්බන් අගනුවරදී අභාවප්‍රප්ත වී තිබේ. මිය යන විට 88 හැවිරිදි වියෙහි පසු වූ අගා ඛාන් කරීම් අල් හුසේනි අගා ඛාන් ලෙස හැඳින්වෙන අතර ඔහු නායකත්වය දුන් ඉස්මයිලි මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයන් සංඛ්‍යාව මිලියන 12ත් 15ත් අතර වන බව විදෙස් මාධ්‍ය පවසයි.
අගා ඛාන් විසින් පිහිටවූ සංවර්ධන ආධාර සපයන ජාත්‍යන්තර පදනම මගින් මධ්‍යම හා ආසියාතික රටවලට මෙන්ම අප්‍රිකානු හා මැදපෙරදිග රටවලටද ආධාර සපයයි.