නීතියේ ආධිපත්‍යය තහවුරු කර නඩු ප‍්‍රමාදය වැළැක්වීමට පියවර ගන්න – ජනපති

358

නව මහාධිකරණ විනිසුරුවරුන් දහතුන් දෙනකුට පත්වීම් ලිපි ප‍්‍රදානය කරමින් ජනපති කියයි

අධිකරණයේ ස්වාධිපත්‍ය ආරක්‍ෂා කරමින් නීතියේ ආධිපත්‍ය රට තුළ තහවුරු කිරීමත් නඩු කටයුතු ප‍්‍රමාදවීම වැළැක්වීමත් තමා අපේක්‍ෂා කරන බව නව මහාධිකරණ විනිසුරුවරුන් වෙත පත්වීම් ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (03 දා) පැවැසීය.

නීතියේ ආධිපත්‍යය තහවුරු කර නඩු ප‍්‍රමාදය  වැළැක්වීමට පියවර ගන්න - ජනපති

නව මහාධිකරණ විනිසුරුවරුන් 13 දෙනකුට ජනපතිවරයා විසින් පත්වීම් ලිපි ප‍්‍රදානය කරනු ලැබීය. ඒ අනුව දිසා විනිසුරු ඒ. ජී. අලූත්ගේ, දිසා විනිසුරු ආර්. ආර්. ජේ. යු. වී. කේ. රාජකරුණා, මහෙස්ත‍්‍රාත් ආර්. ඒ. ඞී. යූ. එන්. රණතුංග, දිසා විනිසුරු වී. එම්. සී. එස්. ගුණසේකර, දිසා විනිසුරු එම්. ප‍්‍රභාත් රණසිංහ, ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ආර්.එම්.එස්.බී. චන්ද්‍රසිරි, දිසා විනිසුරු ආර්. වැලිවත්ත, මහෙස්ත‍්‍රාත් ජී. එල්. පි‍්‍රයන්ත, දිසා විනිසුරු ඒ. නිශාන්ත පීරිස්, දිසා විනිසුරු එස්. එම්. ඒ. එස්. මංචනායක, දිසා විනිසුරු එල්. චමත් මදනායක, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ වී. එම්. වීරසූරිය හා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එච්. ඒ. ඞී. එන්. හේවාවසම් යන මහත්වරු නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්ව ඇත.

ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව නව මහාධිකරණ විනිසුරුවරුන් පත්කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment