රමේෂ් වගේම ප්‍රභාත් හොඳින් පන්දු යැව්වොත් අපට ගාල්ලේ තරගය ලෙහෙසියෙන් ජයග්‍රහණය කළ හැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා පැවැසීය. ගාල්ලේ ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව මාධ්‍ය ඇමතූ ඔහු මෙසේද පැවැසීය.
අපි දෙවැනි ඉනිමේ ලකුණු ගත්ත එක තමයි මේ ජයග්‍රහණයට මූලික වූයේ. අපි පළමු ඉනිමේ හොඳට පන්දුවට පහර දුන්නේ නැහැ. ඇත්තටම පළමු ඉනිමේ හොඳින් පන්දුවට පහර දුන්නොත් කවර තරගයක වුණත් පාලනය අපිට ගන්න පුළුවන්. චන්දිමාල් අංක තුනට ක්‍රීඩා කරන්නේ කණ්ඩායමේ සමබරතාවය රකින්න. කමිඳු මෙන්ඩිස් උඩට ගත්තා. ලංකාවේ ඉන්න හොඳම පිතිකරුවන් 07 දෙනාම ටෙස්ට් පිලේ ඉන්නේ. සනත් ජයසූරිය මහතා ඔහුගේ අත්දැකීම් නිතරම අපට ලබා දෙනවා. එය ඉතා වැදගත්. එයාගේ උපායන් අපට කියලා දෙනවා. එතුමා කියන දේවල් අපිට හඳුනා ගන්න පහසුයි. එතුමා ලංකාවේ පුහුණුකරු වෙච්ච එක වඩාත් හොඳයි. අපි හැම තරගයක්ම ක්‍රීඩා කරන්නේ දිනන්න තමයි. තරගයෙන් තරගයට කරන්න ඕනේ වෙනස්කම් ගැන කතා කරනවා. පන්දු
රැකීම ඉතා වැදගත්. අපි ඒකට වැඩියෙන් අවධානය යොමු කරනවා. අපේ පන්දු යැවීමේ අංශය වඩා හොඳයි. එය එංගලන්තයේදීත් පෙන්නුවා. ප්‍රභාත් ජයසූරිය ඉතා හොඳින් පන්දු යැව්වා. රමේෂ් ප්‍රභාත් වගේම දියුණු වුණොත් අපිට ගාල්ලේ තරග ජයග්‍රහණය කිරීම වඩාත් පහසුයි. මමත් පන්දු යවලා රට වෙනුවෙන් උපරිමයක් කරනවා. මම නායකත්වයට ආවට පස්සේ හැම තරගයකටම වේග පන්දු යවන්නො දෙදෙනෙක් භාවිතා කළා.
වරදත්ත අකලංක
සංස්කරණය – සුසිල් ජයකොඩි