රූපවාහිනී සජීවී විකාශයක් අතරතුර ඉන්දීය හිටපු දේශපාලඥනයෙක් වෙඩි ප්‍රහාරයකින් මරුට

420

අපරාධ සිදුවීම් 100කට වැඩි සංඛාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි ඉන්දියාවේ උත්තර් ප්‍රාන්තයේ හිටපු දේශපාලනඥයෙකු වූ අතීක් අහ්මඩ් සාහසික වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්ව තිබේ.

ඉකුත් 15 වැනිදා රාත්‍රියේදී පැවැති රූපවාහිනී සජීවී විකාශයක් අතරතුර ඔහු මෙසේ ඝාතනයට ලක්විය.

අතීක්ට අමතරව ඔහුගේ සොහොයුරු අශ්රෆ් අහ්මඩ් ද එම ප්‍රහාරයෙන් ඝාතනයට ලක්ව තිබේ.

පොලිසිය බලා සිටියදීම වෙඩිතැබීම සිදුවූ අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතරට වෙඩික්කරුද අයත්ය.

සිද්ධියේදී පොලිස් කොස්තාපල්වරයෙකු සහ මාධ්‍යවේදියෙකු ද තුවාල ලබා තිබේ.ප්‍රහාරයට නිශ්චිත හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර විමර්ශන ක්‍රියාත්මකය.මීට දෙදිනකට පෙර අතීක්ගේ පුතු අසාද් ද උත්තර් ප්‍රදේශ් හිදී සිදුවූ වෙඩි තැබීමකදී මියගොස් තිබුණි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment