ආණ්ඩුව බලය රැකගන්න ජනතාවට එරෙහිව පීඩනය හා මර්දනය මුදාහරිනවා- විපක්‍ෂ නායකගෙන් නිවේදනයක්

68

ජනතා බලය නමැති සුනාමියට හසුව විනාශය ළඟා කරගෙන ඇති ආණ්ඩුව මේ වනවිටත් තම බලය සුරක්‍ෂිත කරගැනීම වෙනුවෙන් ජනතාවට එරෙහි පීඩනය, මර්දනය සහ තර්ජනය ක්‍රියාත්මක කරමින් සිටින බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

 එහි ආසන්නම සිදුවීම වන්නේ කොළඹ කොටුව සහ අවට මාර්ග අවහිර වන ලෙස ස්ථිර මාර්ග බාධක ස්ථාපිත කිරීම බවත්, ලෝටස් පාර සම්පූර්ණයෙන් වසා මාර්ග බාධක ඉදිකිරීමෙන් වාහනවලට කොළඹට ඇතුළුවීමට වෙනත් මාර්ග භාවිතා කිරීමට සිදුවී තිබෙන බවත් විපක්‍ෂනායකවරයා පෙන්වා දෙයි. මෙයින් ජනතාව සහ ඔවුන්ගේ ජන ජීවිත බරපතළ පීඩාකාරී තත්ත්වයකට පත්ව තිබෙන බවද ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

 මේ අතර කොටුව අවට කටුකම්බි සහිත මාර්ග බාධක ස්ථාපිත කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයද දැඩි විරෝධය පළකරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment