පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා වතිකානයේ විශේෂ දේව මෙහෙයක්

133

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සහ විපතට පත්වූවන්ට වසර තුනක් ගතවීත් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් යුක්තිය ඉටුනොවීම ගැන ලොවට හඬගා පැවසීම සඳහා අද (25දා) ඉතාලියේ වතිකානු නුවර ශාන්ත පීතර බැසිලිකා දෙව් මැඳුරේදී විශේෂ දේව මෙහෙයක් පැවැත්වේ.

මෙම දේව මෙහෙයට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් සහ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ පවුල්වල සාමාජිකයෝ රැසක් සහභාගී වෙති.

දේව මෙහෙය සඳහා ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ සහභාගීවනු ඇතැයි ද එහිදී පාප් වහන්සේ මෙම පාස්කු ප්‍රහාරය ගැන විශේෂ ප්‍රකාශයක් නිකුත් කරනු ඇතැයි ද කතෝලික සභාව පවසයි.

නෝමන් පලිහවඩන
 

advertistmentadvertistment
advertistmentadvertistment