කිතලගම පඤ්ඤාසභ නාහිමි ගුණානුස්මරණයට කුල දරුවෝ 8ක් සසුන්ගත කෙරෙති

206

ගංගොඩවිල පඤ්ඤෝදය මහ පිරිවෙන්හි ආධිපත්‍ය දරන ලද අපවත් වී වදාළ බස්නාහිර පළාතේ හිටපු ප‍්‍රධාන සංඝනායක මාතර කිතලගම පඤ්ඤාසභ නාහිමියන්ගේ 103 වැනි ජන්ම දින ගුණානුස්මරණ පිංකම නිමිති කරගෙන දරුවන් අටදෙනකු සසුන්ගත කිරීම, අමරපුර ශ‍්‍රී ධර්ම රක්‍ෂිත මහා නිකායෙහි මහානායක රාජකීය පණ්ඩිත ශාස්ත‍්‍රපති පූජ්‍ය ත‍්‍රිකුණාමලයේ ආනන්ද මහනායක හිමියන්ගේ සහ තත් නිකායික අනුනායක පූජ්‍ය වටගෙදර විමල බුද්ධි හිමි ප‍්‍රධාන මහා සංඝරත්නය විසින් සිදු කරන ලදී. ගංගොඩවිල පඤ්ඤෝදය මහ පිරිවෙන් විහාරස්ථානාධිපති පූජ්‍ය මඩිහේ සුගතවංශ නායක හිමියන්ගේ ශිෂ්‍ය හිමිවරු ලෙස සසුන්ගත වූ කොග්ගල සුබෝධ, මොරවක සුවච, කුකුලම්මුල්ලේ සුභාසන, බැද්දේවැවේ සුගාරව, දෙවුන්දර සුසමිද්ධි, අන්දරවැව සුමානිත, සූරියවැවේ සුචින්තක යන හිමිවරු ඡායාරූපයේ වෙති. නිමල් දයාරත්න

නුගේගොඩ –

advertistmentadvertistment
advertistmentadvertistment