පේදුරුතුඩුව සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී මඟී බසය

478

තෝප්පුවේදීගිනිගනී කිසිවකුටත් හානියක් නෑ

පේදුරුතුඩුව සිට කොළඹ බලා ධාවනය වූ මගී ප්‍රවාහන සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක් කාර්මික දෝෂයකට ලක් වී පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ වෙන්නප්පුව පොලිස් වසමේ තෝප්පුව පාලම අසලදී ගිනිගෙන බස් රථයට දැඩි හානි සිදුව ඇති බව වෙන්නප්පුව පොලිසියේ රථවාහන අංශය පවසයි.

ඊයේ (15 දා) අලුයම 04ට පමණ මෙම ගිනි ගැනීම සිදුවී ඇත. ධාවනයේ දී බස් රථයේ වම්පස ටයරය ප්‍රදේශයෙන් එකවරම ගින්න හටගත් බවත් එම අවස්ථාවේ බස්රථය නවතා එහි සිටින මගීන් බැස්සවීමට කටයුතු කළ බව බස් රථයේ රියැදුරු පොලිසිය හමුවේ පවසා ඇත.

මෙම අවස්ථාවේදී තෝප්පුව පාලම මත රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ අසල සිටි පිරිස සමඟ ගින්න පැතිරීම වළක්වා ගැනීමට හා මගීන්ගේ ගමන් මලුවලට කිසිදු හානියක් නොමැතිව බස් රථයෙන් ඉවතට ගැනීමට කටයුතු කර ඇත. සිද්ධියෙන් කිසිවකුටත් හානි සිදුවී නොමැති අතර ගින්නෙන් දැඩි ලෙස බස් රථයට හානි සිදුවී ඇත. වෙන්නප්පුව පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment