කොවිඞ් හැදී මුල් වරට මිඞ්වයිෆ් කෙනෙක් මියයයි

546

කොවිඞ් ආසාදනය වීමෙන් මියගිය පළමු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය පෙරේදා (19 වැනිදා) වාර්තා වූ බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය ‘දිවයින’ ට පැවසුවාය.

කොවිඞ් හැදී මුල් වරට මිඞ්වයිෆ් කෙනෙක් මියයයි

මෙලෙස මියගොස් ඇත්තේ පොළොන්නරුව, ජයන්තිපුර, යාය 5 පදිංචිව සිටි පුෂ්පා කුමාරි විජේරත්න නමැති 41 හැවිරිදි එක්දරු මාතාවකි.

උණ, සෙම්ප‍්‍රතිෂ්‍යාව තිබුණත් පී. සී. ආර්. හෝ ඇන්ටිජන් පරීෂණ සිදුකර ගැනීමට පහසුකම් නොමැති තැන ඇය පෞද්ගලික රෝහලක් වෙත ගොස් පී. සී. ආර්. පරීක්‍ෂණයක් කරගෙන ඇති බවත් එහිදී ඇයට කොවිඞ් ආසාදනය වී ඇතැයි අනාවරණය වී ඇති බවත් හෙළිවිණයි ද ඇය කීවාය.

එසේම මේ වනවිට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විශාල පිරිසකට කොවිඞ් ආසාදනය වී ඇති බව ද ඇය කීවාය.

කොවිඞ් ආසාදනය වීමෙන් මියගිය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛi කාර්යාලයට අනියුක්තව සේවය කළාය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment