රතන සූත්‍ර සජ්ජායනාව හෙට සිට

281

කොවිඩ් 19 වසංගතයෙන් පීඩා විඳින ශ්‍රී ලාංකික ජනතාවටත්, ලෝවැසි ජනතාවටත් ආශිර්වාද පැතීමේ මහානුභාව සම්පන්න රතන සූත්‍ර සජ්ජායනාවක් හෙට (14) සිට 20 වැනිදා දක්වා පුරා දින 7 ක් අනුරාධපුර ⁣ඵෙතිහාසික ස්වර්ණමාලී මහා සෑ රදුන් අභියසදී පවත්වන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවැසීය.

මෙම රතන සූත්‍ර සජ්ජායනාව එම දින හත තුළ සවස 5.30 සිට පසුදා පහන් වනතුරු මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් පවත්වනු ලබති.

මෙම රතන සූත්‍ර සජ්ජායනාව රුවන්වැලි මහසෑ රදුන් ඉදිරිපිට පවත්වනු ලබන අතරල එහිදී සත්‍ය ක්‍රියාවක්, අධිෂ්ඨාන පූජාවක් හා කිරිපිඬු දානයක්ද පැවැත්වීමට ද නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment