පළාත් ආදාහනාගාර නොමිලේ වැඩ

152

කොවිඞ් රෝගය වැළඳී මියයන පුද්ගලයින්ගේ ආදාහන කටයුතු සිදු කිරීමේදී පළාත් පාලන අමාත්‍යාංශයේ ආදාහනාගාර සඳහා වැය වන මුදල් ලබා දීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව 2021.08.31 දින දක්වා සිදුකල කොවිඞ් මරණ 2417 ක් සඳහා එක් මරණයක් ආදාහනය වෙනුවෙන් රුපියල් 5000 ක් බැඟින් රුපියල් 12085000.00 මුදලක් ප‍්‍රථම අදියරේදී ඒ ඒ සභාවන්ට ලබා දීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රගති සමාලෝචනය පිළිබඳ විශේෂ සාකච්ඡුාවක් 2021.09.09 වන දින රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවති අවස්ථාවේ මෙම තීරණය ගෙන ගත් බවත් පළාත් පාලන ආයතන 69 ක් සඳහා මෙම මුදල යොමු කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

සබරගමුව 488 ක්, වයඹ 391ක්, මධ්‍යම 260 ක්, ඌව 171ක්, දකුණ 537ක්, උතුරු මැද 100ක්, බස්නාහිර 399 ක් සහ නැගෙනහිර පළාතේ 71 ක් වශයෙන් කොවිඞ් මරණ සඳහා මෙම මුදල ලබදී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment