පිළිමළුන් පිටුදැකීමේ පාසල් රග්බි පාපන්දු තරගාවලිය
ඩයලොග් ආසිආටා සමාගමේ අනුග්‍රාහක ශක්තිය ඇතිව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් මෙහෙයවන ලද “ප්‍රිමියර් අභියෝග කුසලාන” පිළිමළුන් පිටුදැකීමේ රග්බි පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගනිමින් කැපී පෙනෙන්නට කොළඹ ආනන්ද විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.
එකී අනු ශූරතාව කොටහේන ශාන්ත බෙන්ඩික්ට් විදුහල සතු විය.
ආනන්ද විදුහල සහ ශාන්ත බෙන්ඩික්ට් විදුහල අතර කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයෙහි පැවති තීරණාත්මක අවසන් තරගයේ දී ලකුණු 25 – 10 ක පහසු ජයග්‍රහණක මිහිර අත්විඳිමින් වසරේ ශූරයන් ලෙස අභිෂේක ලැබීමට ආනන්ද විදුහල සමත් වීම කැපී පෙණුනි. තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ලකුණු 08 – 05 ක් ලෙස පෙරමුණේ පසුවන්නට ආනන්ද විදුහලට හැකියාව ලැබිණි.
ආනන්ද විදුහල ගෝල් දිනුම් 01ක්, උත්සාහක දිනුම් 03 ක් සහ දඬුවම් පහර 01 ක් මගින් ලකුණු ලබා ගත් අතර ශාන්ත බෙනඩික්ට් විදුහලට සටහන් කර ගැනීමට හැකියාව ලැබුණේ උත්සාහක දිනුම් 02 ක් පමණි.
අනුරුද්ධ හේරත් බණ්ඩාර