පාකිස්තානයට සහ බංග්ලාදේශයට ජය

116

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති බංග්ලාදේශය සහ නේපාලය අතර තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 21ක ජයක් හිමි විය.පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 19.3කදී සියලු දෙනා දැවී ලකුණු 106ක් ලබා ගත්තේය.නේපාල කණ්ඩායම පන්දුවාර 19.2කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 85කි. එසේම පාකිස්තනය සහ අයර්ලන්තය තරගයේ දී පාකිස්තානයට කඩුලු 03 ක ජයක් හිමි විය.එහිදී අයර්ලන්තය සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 09ක් දැවී ලකුණු 106ක් ලබා ගැනීමට සමත් විය.පාකිස්තානය පන්දු වාර 18.5කදී කඩුලු 07ක් පමණක් දැවී ලකුණු 111ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment