පානදුර ගොඩනැඟිල්ලක බලෙන් රැඳී සිටින ‘ටියුෂන් මාස්ටර්’ ගැන විමසුම් ඇස!

247

පානදුර ගොඩනැඟිල්ලක කුලී නොගෙවා බලෙන් රැඳී සිටින බව කියන නමගිය උපකාරක පන්ති ගුරුවරයකු පිළිබඳව විමර්ශන ආරම්භ වී තිබේ.

මෙම ගොඩනැඟිල්ල කාලයක සිට අලුත්වැඩියා කර නොමැති බවත් එහි අධ්‍යයන කටයුතු සිදුකරන සිසුන්ට යම් අනතුරක් සිදුවුවහොත් ඉන් වගකීම පැවරෙන්නේ තමන්ට නිසා, ගොඩනැඟිල්ල අලුත්වැඩියා කිරීමටවත් අවස්ථාවක් මෙම උපකාරක පන්ති ගුරුවරයා ලබානොදෙන බවත් එහි හිමිකාරිය ‘දිවයින’ ට පැවසුවාය.

බස්නාහිර පළාත නියෝජනය කරමින් උසස් පෙළ වාණිජ විෂය ධාරාව යටතේ දීර්ඝ කාලයක සිට පළාතේ දිස්ත්‍රික්ක තුනම නියෝජනය වන ලෙස උපකාරක පන්ති පවත්වන බව කියන මෙම ජනප්‍රිය ගුරුවරයා තම ගොඩනැඟිල්ල බලහත්කාරයෙන් අල්ලා ගැනීමේ අරමුණින් ගොඩනැඟිල්ල සඳහා කුලිය ද නොගෙවා සිටින බවත් හිමිකාරිය කීවාය.

මේ පිළිබඳ අද (11 දා) අධිකරණය හමුවේ නඩුවක් ගොනුකිරීමට කටයුතු කරන බවත් ඇය කියා සිටියාය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment