පාන් – බනිස් හදන්නත් ලුණු හිඟයෙන් බලපෑම්

3

ලුණු හිඟය හේතුවෙන් තම බේකරි කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා “දිවයින”ට පැවසීය.

ලුණු ගැටලුව ගැන අමාත්‍යවරයා දැනුවත් කර ඇතැයි පැවසූ ඒ මහතා තවදුරටත් මෙසේද කියා සිටියේය.

“මේ වෙනකොට ලුණු පිළිබඳ ගැටලුවක් මතුවෙලා. අපි අමාත්‍යවරයාවත් දැනුවත් කළා. අමාත්‍යවරයා කිව්වා අපට අවශ්‍ය ප්‍රමාණය ලබාදෙනවා කියලා. ඒ බලාපොරොත්තුව ඇතුව තමයි අපි ඉන්නේ. මොකද, බේකරිවලට අවශ්‍ය ලුණු කැට නෙමෙයි ගොඩක් පාවිච්චි කරන්නේ ලුණු කුඩු.”

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment