පාපතරයෝ කරණීය මෙත්ත සූත්‍රයටත් මියුසික් දාලා

218

පහන් සංවේගයෙන් දැනුම් දීමයි

බෞද්ධයන්ගේ ඉමහත් වන්දනීයත්වයට පාත්‍රවන කරණීය මෙත්ත සූත්‍රයේ පාඨ යොදාගෙන සමාජ මාධ්‍ය ජාලයේ නිර්මාණය කර ඇති සංගීත වීඩියෝව සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වී ඇත.

බෞද්ධයන්ගේ ආරක්ෂක පිරිතක් ලෙස සැලකෙන මෙම සූත්‍රය යොදාගෙන මෙවැනි කටයුතු සිදුකිරීම බෞද්ධ සම්ප්‍රදායට එල්ල කළ බලවත් නිග්‍රහයක් බව මහා සංඝරත්නය පවසති.

බෞද්ධයන් ඉතිහාසයේ සිටම තුනුරුවන් වැඳ කට පාඩමින් උදේ සවස මෙම සූත්‍රය සජ්ඣායනා කිරීම සිරිතකි.

මෙවැනි බෞද්ධ විරෝධී කටයුතු සිදුකරන අය වහාම නීතියේ රැහැනට හසු කරගත යුතු බව බෞද්ධ සංවිධාන නියෝජිතයන් දිවයනට පැවසූහ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment