පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා ලබා දෙනු ලබන ආහාර සඳහා වන මිල ගණන් ද ඉහළ දමා ඇති අතර එම නව මිළ ගණන් ලබන මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර ඇත.
ඒ අනුව පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා මාසික කෑම බිල 1500 සිට රුපියල් හාරදහසක් දක්වාද, විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයකු සඳහා මාසික කෑම බිල 1000සිට රුපියල් 2500ක් දක්වා ද වැඩි කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව පසුගිය 23දා තීරණය කළේය.
පසුලිය 21 වැනි දින පැවති පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ආහාර සඳහා අය කරනු ලබන ගාස්තු ප්‍රතිශෝධනය කිරීමට ගනු ලැබූ තීරණය නැවත සමාලෝචනය කිරීම සඳහා පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ රැස්වීමක් පස්ගිය 23 දා එම කාරක සභාවේ සභාපති කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
එහිදී පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන මිල ගණන් ඉහත දැක්වෙන අයුරින් ලබන මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රතිශෝධනය කිරීමට තීරණය කර තිබේ.
මේ අතර පාර්ලිමේන්තු මහජන භෝජනාගාරයෙන් ආහාර මිලදී ගනු ලබන මන්ත්‍රීවරුන්ගේ රියදුරන් පොලිස් නිලධාරීන් ජනාධිපති සහ අගමැති ආරක්ෂක අංශවල නිලධාරීන් සහ මාධ්‍යවේදීන්ගෙන් දැනට ආහාර සඳහා අය කරනු ලබන ගාස්තු තවදුරටත් නොවෙනස්ව පැවතිය යුතු බවටද එම කාරක සභාව තීරණය කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ද ලබා දෙනු ලබන ආහාරවල මිළ ගණන් ඉහළ දැමීමට පෙර මීට පෙර කටයුතු කෙරිණ.