මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ ලක්ෂ 11ක් කොළඹ ඉන්නවා – පොලිස්පති

91

මත්ද්‍රව්‍ය සැපයුම් ජාල අඩාල කරනවා සේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් මුදාගැනීමට නව පුනරුත්ථාපන මෙහෙයුමක් අරඹා ඇතැයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (08දා) කොළඹදී පැවැති සුවසර කැදැල්ල ප්‍රජා පාලක පුනරුත්ථාපන වැඩසටහනේදී පැවසීය.

මෙය මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 11ක් සහ දිවයින පුරා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 256ක් ස්ථාපනය කිරීමට නියමිතය.

තවදුරටත් කතා කළ පොලිස්පතිවරයා මෙසේ ද කීය.

උදේට නැගිට්ටාම කන්න නෙමෙයි ඉල්ලන්නේ මත්ද්‍රව්‍ය පැකට් එක. කෙළඹ ඉන්නවා මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් එකොළොස් ලක්ෂ පන්දහස් හයසිය අටක්. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ආකාරයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස. මෙන්න මේ පිරිස නිසා තමයි කොළඹ අපරාධ බහුල වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන මිනිස්සු වැඩිපුර කොළඹ මත්ද්‍රව්‍ය විකුණන්න පෙළඹිලා ඉන්නේ. ඒකට අපි ප්‍රහාරයක් දියත් කරනවා. දැන් මත්ද්‍රව්‍යවලට පෙළඹිලා ඉන්න මිනිස්සු ටික මේකෙන්

මුදාගන්න හා ඉදිරියේදී මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පෙළඹෙන්න පුළුවන් පිරිස එයින් වළක්වා ගන්න ඕන. මේ කටයුතු දෙකටම ශ්‍රී ලංකා පොලිසිය අතගහලා තියෙනවා. ඉදිරියේදී එහි ප්‍රතිඵල දැකබලාගන්න ලැබෙයි.

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා ඔබට මේ නරක දේවල් දෙන අය අපි සමාජයෙන් අයින් කරනවා. මේ මෙහෙයුම්වලට අකමැති අය මේවා කඩාකප්පල් කරන්න හදනවා. මට අස්වෙන්න කියලත් කියනවා. අපි ඒවට සැලෙන්නේ නැහැ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment