පාසල් ඉදිරිපිට අද සිට කළු කොඩි

47

ගුරු විරෝධතාවට පෙරේදා එල්ල වූ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරවලට එරෙහිව අද දින සිට සියලුම පාසල් ඉදිරිපිට කළු කොඩි ඔසවා සහ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවය පළ කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා ඊයේ (27දා) පැවසීය.

විරෝධතාවට එක් වූ පරිවාස කාලයේ සිටින ගුරුවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කර ඇති බවත් හැකි නම් එවැනි එක් හෝ ක්‍රියාමාර්ගයක් ගෙන පෙන්වන ලෙස ඔහුට අභියෝග කරන බවත් හෙතෙම සඳහන් කළේය.

ගුරු වර්ජනයට එරෙහිව අදහස් දැක්වූ දෙමව්පියන් පිළිබඳව කිසිදු අහිතක් නොසිතන්නයි සියලුම ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.

තමන්ට හිමි වැටුප් වර්ධක නිසි ලෙස ලබාදෙන ලෙස ඉල්ලා ගුරුවරුන් පෙරේදා කොළඹදී පැවැත්වූ විරෝධතාවට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබුණි.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment