කන්දකුලිය කළපුවේ කඩොලාන රෝපණය කරයි

191

ජෛව සංරක්ෂණ සංගමය සහ GPV ලංකා එක්ව ජෛව සංරක්ෂණ සංගමය සහ GPV ලංකා ආයතනය එක්ව කන්දකුලිය කළපු තීරයේ කඩොලාන පැළ දහසක් රෝපණය කිරීම පසුගියදා සිදු කෙරිණි.

කන්දකුලිය කළපුවේ කඩොලාන රෝපණය කරයි

විවිධ හේතුන් මත විනාශ වූ කඩොලාන පරිසරයට යළි ජීවය දීමේ අරමුණින් මෙම කඩොලාන සිටුවීමේ කටයුත්ත සංවිධානය කර තිබූ බව ජෛව සංරක්ෂණ සංගමයේ සභාපති ආචාර්ය ලලිත් ඒකනායක මහතා පවසයි.

පසුගිය දශක ගණනාවක සිට පුත්තලම දිස්ත‍්‍රික්කය තුළ පිහිටි ස්වාභාවික කඩොලාන පද්ධතිය මිනිසුන්ගේ විවිධ ක‍්‍රියා හේතුවෙන් විනාශ වීමත් සමග නැවත එය පෙර තිබූ තත්ත්වයට පත්කිරීමේ අවශ්‍යතාවය මත මෙසේ කඩොලාන රෝපණය කෙරේ.

ඒ අනුව ජෛව සංරක්ෂණ සංගමය සහ ලංකා ආයතනයේ අධ්‍යාපන හා පරිසර අංශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර ඇත. මෙම අවස්ථාවට ජෛව සංරක්ෂණ සංගමයේ සභාපති ආචාර්ය ලලිත් ඒකනායක මහතා, GPV ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ චන්දන දිසානායක මහතාගේ උපදෙස් මත මූල්‍ය කළමනාකාර ගයාන් චමින්ද, අධ්‍යාපන සහ සංවර්ධන කළමනාකාර ලලිත් බණ්ඩාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගි වූහ.

ආචාර්ය ලලිත් ඒකනායක

advertistmentadvertistment
advertistmentadvertistment