පාසල් වොලිබෝල් ශූරතා අවසන් තරග මේ සති අන්තයේ

118

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් වොලිබෝල් අනුකමිටුව 21 වැනි වරටත් සංවිධානය කරනු ලබන 2023 DSI Super sport පාසල් වොලිබෝල් ශූරතා තරගාවලියේ අවසන් තරග ලබන 23 හා 24 දෙදින පුරා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

වයස අවුරුදු 11 න් පහළ, 13 න් පහළ, 15න් පහළ, 17න් පහළ හා 19න් පහළ වයස් කාණ්ඩ අනුව බාලක හා බාලිකා වශයෙන් දිස්ත්‍රික්, පළාත් හා ජාතික මට්ටම් ආවරණය කරමින් මෙවර පාසල් වොලිබෝල් ශූරතා තරගාවලිය සංවිධානය කෙරිණ.

ඒ සඳහා පාසල් වොලිබෝල් කණ්ඩායම් 5000 කට අධික ප්‍රමාණයක් මෙම වසරේදී තරගාවලියට සහභාගි වූයේය.

පසුගිය අගෝස්තු මාසයෙන් ආරම්භවී සැප්තැම්බර් දක්වා පැවැති පළාත් තරගවලදී 1, 2 හා 3 ස්ථාන හිමිකරගත් කණ්ඩායම් ජාතික මට්ටමේ තරග සඳහා සුදුසුකම් ලැබීය. DSI අනුග්‍රහය ඇතිව මෙවරත් තරගාවලිය පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment