එස්.ටී.එෆ්. වැටලීම් දෙකක්: ලක්ෂ 400ක ෆෝන් ලැප්ටොප් අත්අඩංගුවට

145

තීරු බදු නොගෙවා නීති විරෝධී අන්දමින් මෙරටට ආනයනය කළ රුපියල් ලක්‍ෂ 400කට අධික වටිනාකමෙන් යුත් අති නවීන ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක ඇතුළු උපාංග තොගයක් සමග ජාවාරම්කරුවන් සිව් දෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (4 දා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී විශේෂ කාර්ය බළකාය වැටලීම් 2 ක් සිදුකර ඇති අතර ඉන් පළමු වැටලීම කර ඇත්තේ පෑලියගොඩදීය.

කටුනායක ගුවන්තොටුපළ හරහා රේගුව ද මගහරිමින් රැගෙන ආ ජංගම දුරකථන ඇතුළු උපාංග තොගයක් වෑන් රථයක පටවාගෙන කොළඹට රැගෙන එමින් සිටිය දී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පෑලියගොඩදී ජාවාරම්කරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.

එහි තිබී ජංගම දුරකථන 323ක් සොයා ගන්නා ලදි. ඒ සියල්ල ඩුබායි සිට ගෙනැවිත් ඇති අතර ඒවා තීරුබදු ගෙවමකීන් තොරව නීති විරෝධී අන්දමින් ගෙන ආ ඒවා බව හෙළි විය.

මේ අතර විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ කළ වැටලීමකදී තවත් ජාවාරම්කාරයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් සතුව තිබී නීති විරෝධීව ගෙන ආ අති නවීන ජංගම දුරකථන 66ක්, ලැප්ටොප් පරිගණක ඇතුළු උපාංග තොගයක් අත්අඩංගුවට ගන්නා ලදි.

මෙම සැකකරුවන් සතුව තිබූ වෑන් රථ දෙකක් ඇතුළු තවත් භාණ්ඩ විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන ඇත. මොවුන් කාලයක සිට ජංගම දුරකථන ඇතුළු උපාංග මේ ආකාරයට හොර රහසේ ගෙනැවිත් තොග පිටින් අලෙවි කරන බව විමර්ශනවලින් හෙළිවී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර, සහකාර පොලිස් අධිකාරි කේසර මහත්රවැන්ගේ අධීක්‍ෂණයෙන් උ.පො.ප. රසික, සැරයන් (39419) ධම්මික, කොස්තාපල් (75797) සිල්වා, (78945) ජයවර්ධන, (9745) දර්ශන ඇතුළු නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.

හේමන්ත රන්දුණු හා ටී.කේ.ජී. කපිල-ගුවන්තොටුපළ

advertistmentadvertistment
advertistmentadvertistment