ඩයලොග් ටෙලිවිෂන්, නැණස හා ගුරු ටීවී අධ්‍යාපනික නාලිකා නොමිලේ ලබාදීමට කටයුතු කරයි

447

මෙරට අධ්‍යාපනය ලබන සෑම දරුවෙකුටම බාධාවකින් තොරව සිය අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට සහායවීම වෙනුවෙන් ක‍්‍රියාත්මක වැඩපිළිවෙළ තවත් ඉදිරියට ගෙන යමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් සමාගම ඩයලොග් ටෙලිවිෂන් සහ ViU App ඔස්සේ නැණස සිංහල, නැණස දෙමළ සහ ගුරු ටීවී යන අධ්‍යාපනික නාලිකා ත‍්‍රිත්වය නොමිලේ ලබාදීමට කටයුතු කර ඇත.

ඩයලොග් ටෙලිවිෂන්, නැණස හා ගුරු ටීවී  අධ්‍යාපනික නාලිකා නොමිලේ ලබාදීමට කටයුතු කරයි

පවතින වසංගත තත්ත්වය මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රයට දැඩි බලපෑම් එල්ල කරන පසුබිමක් තුළ දිවයිනේ සමස්ත සිසු පරපුරට සිය අධ්‍යයන කටයුතු බාධාවකින් තොරව ඉදිරියට ගෙනයෑමට සමාන අවස්ථා ලබාදීම වෙනුවෙන් ඩයලොග් සමාගම කැපවී සිටියි. ඩයලොග් ටෙලිවිෂන් පෙරගෙවුම් හා පසුගෙවුම් පාරිභෝගිකයන්ට නැණස සිංහල, නැණස දෙමළ සහ ගුරු ටීවී නාලිකා නොමිලේ නැරඹීමේ අවස්ථාව හිමිව තිබේ. ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 24 ඔස්සේ විකාශය වන නැණස සිංහල හා නාලිකා අංක 25 ඔස්සේ විකාශය වන නැණස දෙමළ නාලිකා හරහා 3 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් විෂය නිර්දේශය ආවරණය කෙරෙන අතර, නාලිකා අංක 22 ඔස්සේ විකාශය වන ගුරු ටීවී තුළින් ආවරණය කෙරෙන්නේ 5 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් විෂය නිර්දේශයයි. පළපුරුදු ගුරු මඩුල්ලක් විසින් නවීනතම ඉගෙනුම් ක‍්‍රම භාවිත කරමින් විෂයයන් ඉගැන්වීමේ කටයුතු සිදුකරනු ලබයි. තවද ඉහත සඳහන් කළ නාලිකා ත‍්‍රිත්වයට අමතරව ViU App, ViU Hub සහ ViU Mini ඔස්සේ 160 කට අධික අතිරේක පාඩම් මාලා සහ අධ්‍යාපනික අන්තර්ගතයන් සමඟ නොමිලේ සම්බන්ධ විය හැක. ඒ සඳහා ඩයලොග් ජාලය තුළ කිසිදු ඬේටා ගාස්තුවක් අය නොකෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment