ඉම්රාන් ඛාන්ට වෙඩි 11 ක් තබලා

334

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වෙඩි ප්‍රහාර 11ක් එල්ල කර ඇති බව පාකිස්තාන් පොලිසිය සොයාගත් උණ්ඩවලින් තහවුරු වී ඇත. මෙම උණ්ඩවලින් ඉම්රාන්ට වැදී ඇත්තේ එක උණ්ඩයකි. වෙඩි නොවදින කබායක් පැළඳීම නිසා ඉම්රාන්ගේ දිවි ගැලවී ඇත. මෙම වෙඩි තැබීම ගැන තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. පාකිස්තාන් පොලිසිය පැවසුවේ සාහසිකයන්ට ඉලක්කය වැරදී ඇති බවයි. තමාට මෙම වෙඩි තැබීම සිදු කළේ රජය බව ඉම්රාන් ප්‍රකාශ කර ඇත. මෙම වෙඩි තැබීම සිදුකර ඇති තිදෙනා කවුදැයි පොලිසිය හෙළිකර නැත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment