පාසල් සිසුවියක පැහැර ගැනීමට තැත් කළ සැකකරු මාට්ටු

1283

බලෙන් මෝටර් රථයකට ඇතුළු වී කොළඹ බාලිකා විදුහලක 8 හැවිරිදි සිසුවියක හා ඇයගේ මව බියට පත්කර සිසුවිය පැහැර ගැනීමට තැත් කළ සැකකරු ඊයේ (07දා) අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.

මෙම සිදුවීම පසුගිය 02 වැනිදා කුරුඳුවත්ත, මල්පාර ප්‍රදේශයේදී සිදුව තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් සිසුවියගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර කොළොන්නාව ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

36 හැවිරිදි සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment