පාසල් සේවිකාවක් මිදිගම චූටිගේ කුඩු ජාලයේ වැඩ

171

සැකකාරිය අත්අඩංගුවේ

මිදිගම චූටි නමැති ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය ජාලයේ අලෙවි නියෝජිතවරියක ලෙස කටයුතු කළ මිදිගම පාසලක අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවිකාවක මාතර කොට්ඨාශ අපරාධ අංශය මගින් පෙරේදා (15දා) අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරියගේ මිදිගම පිහිටි නිවසේ සඟවාගෙන සිටි රුපියල් ලක්‍ෂ 50ක් පමණ වටිනා හෙරොයින් තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මිදිගම චූටි නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු, හෙරොයින් තොග සැකකාරිය වෙත ලබාදෙන අතර ඇය ඒවා කුඩා ප්‍රමාණවලට වෙන්කර තවත් අලෙවි නියෝජිතයන් වෙත ලබාදීමේ කාර්යය කර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මාතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ අංශය මගින් විමර්ශන පවත්වනු ලබයි.

හේමන්ත රන්දුණු


advertistmentadvertistment