රේල් පාරේ ඇණ ගැලවීමෙන් දුම්රිය ගමන අවදානමේ

139

ඇතැම් පුද්ගලයන් දුම්රිය මාර්ගවල ඇණ ඇතුළු උපාංග ගැලවීම හේතුවෙන් දුම්රිය ධාවනය අනාරක්‍ෂිත තත්ත්වයකට මෙන්ම මගීන්ගේ ජීවිත අවදානමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ පුද්ගලයන් මෙලෙස දුම්රිය මාර්ගවල ඇණ ඇතුළු උපාංග ගලවාගෙන යෑමට පෙළඹී ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී. එස්. පොල්වත්තගේ මහතා ‘දිවයින’ට පැවසීය.

පසුගිය දින කීපය පුරාම සිදුවූ දුම්රිය පීලිපැනීම් රැසකට හේතුව දුම්රිය මාර්ගයේ ඇණ ඇතුළු උපාංග ගැලවීම බවට මේ වන විට අනාවරණය වී ඇතැයිද හෙතෙම කියා සිටියේය.

මේ තත්ත්වය තුළ තෙල් ප්‍රවාහනය කරන දුම්රියක් මෙලෙස දුම්රිය පැනීමකට ලක්වුවහොත් විශාල විනාශයක් සිදුවීමේ අවදානමක් ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment