පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට කාදිනල් හිමිගෙන් සමාව

1151

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් වරද පිළිගෙන සමාව ඉල්ලන්නේ නම් සමාව දීමට සූදානම් බව කොළඹ රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පවසති.කතෝලික ජනතාව සාහසික නැති බවත් කොන්ද කෙළින් තියාගෙන වැරදිකරුවන් ජනතාව ඉදිරියේ සමාව ගතයුතු බවත් සදහන් කළහ. රටේ නායකයාට එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ගොස් ලස්සන කතාවක් කළ හැකි බවත් ඉන් ඇති ඵලක් නැති බවත් කාදිනල් හිමියෝ පැවසූහ. එනිසා පිටරට ගොස් විදෙස් නායකයින් සමග කොක්ටේල් සාද පවත්වන්නේ නැතිව සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස රටේ නායකයාට පවසන බවද කාදිනල් හිමියෝ සදහන් කළහ. කාදිනල් හිමියෝ මේ බව පැවසුවේ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ ඊයේ සවස පැවති මරියතුමියගේ උපන් මංගල්‍යය වෙනුවෙන් වූ දේව මෙහෙයට සහභාගී වෙමිනි.


advertistmentadvertistment