පාස්කු ප්‍රහාරයට හෙටට වසර 5යි

74

කොච්චිකඩේ දෙව්මැඳුරේ විශේෂ ආගමික උළෙලක්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවී හෙටට (21දා) වසර පහක් පිරීම නිමිත්තෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරේදී විවිධ ආගමික නායකයන් කැඳවා විශේෂිත උළෙලක් පැවැත්වෙයි.

මෙහිදී එම බෝම්බය පිපිරුණ උදෑසන 8.45ට විනාඩි දෙකක නිහඬතාවයක් ද සිදුකිරීමට උත්සව කමිටුව තීරණය කර ඇත. ඉන් අනතුරුව දේව මෙහෙය සිදුකිරීමට නියමිතය.

මෙම බෝම්බය පිපිරුණු කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැඳුර තුළ විශේෂ දේව මෙහෙයන් සිදුකර මළවුන් සිහිපත් කරනු ඇත. මෙදින සවස්වරුවේ විවිධ ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව විශේෂ දෙසුම් කීපයක්ද සංවිධානය කර ඇත. බෝම්බ පිපිරුණ මඩකලපුව දෙව්මැඳුරේදීත් විශේෂ දේව මෙහෙයයන් සිදු කරනු ඇත.

නෝමන් පලිහවඩන සහ දුන්ගාල්පිටිය – ජූඩ් හෙට්ටිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment