පිරිමි අයගේ හිතේ කුහකකම වෛරය ඊර්ෂ්‍යාව නෑ… – Piumi Srinayaka

765

⋆ කැමැතිම තමන්ගේ ගති ලක්ෂණය?

කාට වුණත් අනුකම්පා හිතෙනවා. හැමෝටම උදව් කරන්න කැමතියි.

⋆ කැමතිම පුද්ගලයා?

මගේ මල්ලි/තාත්තා

⋆ කැමැතිම විලාසිතාව?

එක විලාසිතාවක් කියලා වර්ග කරන්නේ නෑ. කාලෙන් කාලෙට එන මට ගැලපෙන හැම විලාසිතාවක්ම කරනවා.

⋆ අඳින්න කැමැතිම ඇඳුම?

ෂෝර්ට් එකයි ටී ෂර්ට් එකයි බාටා දෙකයි තමයි මගේ කැමැතිම ඇඳුම.

⋆ කැමැතිම ක‍්‍රීඩාව

ක‍්‍රිකට්

⋆ කැමැතිම ක‍්‍රීඩකයා/ක‍්‍රීඩිකාව?

කුමාර සංගක්කාර/සුසන්තිකා ජයසිංහ

⋆ කැමැතිම දේශපාලනඥයා?

කාටවත් කැමැති නෑ.

⋆ කැමැතිම ගීතය?

මම සිංහල ගීත අහන්න කැමැතියි.

වැඩිපුරම කැමැති අම්මා නැති මට කිරිඅම්මා වී ගීතයට.

⋆ කැමැතිම ගායකයා/ගායිකාව

සුනිල් එදිරිසිංහ මහතා/නන්දා මාලනී මහත්මිය

⋆ කැමැතිම නළුවා/නිළිය?

සනත් ගුණතිලක මහතා/මාලනී ෆොන්සේකා මහත්මිය

⋆ කැමැතිම විදේශීය නළුවා/නිළිය?

ශාරුක් ඛාන්/දීපිකා පදුකෝන්

⋆ කැමැතිම ටෙලිනාට්‍ය?

පාර දිගේ

⋆ කැමැතිම චිත‍්‍රපටය?

කබීර් සිං

⋆ කැමැතිම සමාජ මාධ්‍ය?

ඉන්ස්ටර්ග‍්‍රෑම් තමයි මම කැමැතිම සමාජ මාධ්‍ය. මේ වෙද්දි ෆලෝවර්ස්ලා එක්ලක්ෂ හැත්තෑදෙදාහක් විතර ඉන්නවා.

⋆ ලංකාවේ යන්න

කැමැතිම තැන?

අනුරාධපුරය පොළොන්නරුව වගේ ඓතිහාසික ස්ථාන නරඹන්න කැමැතියි.

⋆ යන්න කැමැතිම රට?

තායිලන්තය.

⋆ කැමැතිම පොත/නවකතාව?

අක්කා නගෝ

⋆ කැමැතිම වර්ණය?

රෝස පාට

⋆ කැමැතිම ලංකාවේ තරු හෝටලය?

කිංස්බරි

⋆ කැමැතිම සුරතලා?

පූසා

⋆ වැඩියෙන්ම කැමැති මේක් අප් කරන්නද/චාම්ව ඉන්නද?

මම කැමැතිම චාම්ව ඉන්න. රූපගත කිරීම් වලදී මේක් අප් කරන්න සිද්ධ වෙනවා. ඒ අවස්ථාවලදි හැර මම බොහෝ අවස්ථාවල මේක් අප්

කරන්නේ නෑ.

⋆ වැඩිපුරම කැමැති පිරිමි යහළුවන්ටද?

ගැහැණු යහළුවන්ටද?

පිරිමි යහළුවන්ට කැමැතියි. ගැහැනුු අයගේ වගේ පිරිමි අයගේ හිතේ කුහකකම වෛරය ඉරිසියාව නෑ.

⋆ විවේකය ගත කරන්න කැමැතිම කොහොමද?

මම තනියම ඉන්න තමයි ගොඩක් කැමැති.


නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment