පිළිකා ඇතිවීමට බලපාන ‘ප්‍රයිඩ් රයිස්’

3099

ආහාර මගින් අපට ලැබෙන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, විටමින්, මේදය, ඛනිජ ලවන සිරුරට උරාගන්නේ සප්ත රසය ලෙසය. එනම් රස, රක්ත, මාංශ, මේද, අස්ථි, ඇටමිදුලු සහ ශුක්‍ර ලෙසින් එම පෝෂණය සිරුරට උරා ගනී.

අප ගන්නා ආහාර රටාව නිසා පිළිකා රෝග ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ යෑමක් දක්නට ලැබේ. එය වර්තමානයේ ඉතා සුලභව දකින්නට පවතින හේතුවක් වී ඇත.

සිරුරට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ ආහාර මගිනි. එනිසා යම් පුද්ගලයකුට එක දිගට දින හතකට වඩා ආහාර නොගෙන සිටිය නොහැකිය. එසේ වුවහොත් සිරුර දුර්ලව වී මියයෑමේ අවදානමට ලක්වේ.

ආහාර මගින් අපට ලැබෙන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, විටමින්, මේදය, ඛනිජ ලවන සිරුරට උරාගන්නේ සප්ත රසය ලෙසය. එනම් රස, රක්ත, මාංශ, මේද, අස්ථි, ඇටමිදුලු සහ ශුක්‍ර ලෙසින් එම පෝෂණය සිරුරට උරා ගනී.

රස නමැති පෝෂණය අක්මාවට උරාගනී. එය සිරුරේ ඉන්ද්‍රිය ක්‍රියාකාරිත්වය සඳහා යොදා ගනී.

රක්ත පෝෂණය රුධිරය ඔස්සේ සිරුර පුරා ගමන් කරයි. මාංශ මගින් සිරුරේ මස්පිඬු වර්ධනයට උපකාරී වේ. මේද මගින් සමේ පැහැපත් බව ඇති කරයි. අස්ථි මගින් අතපය ශක්තිමත් කරයි. ඇට මිදුළු මගින් අස්ථි ක්‍රියාකාරීත්වය වර්ධනය කරයි. ශුක්‍ර මගින් ඩිම්බ සහ ශුක්‍රානු නිපදවීමට පෝෂණය සපයයි.

මෙලෙස සිරුරේ නිරෝගී බවට අවශ්‍ය ශක්තිය ලබාදෙන ආහාරපාන හැකිතාක් ස්වභාවික අයුරින් සකස් කර ගත යුතුය. ආහාර වැඩි වාර ගණනක් රත් කිරීම මගින් එහි ඇති පෝෂණය විනාශ වේ. විශේෂයෙන් වර්තමානයේ ජනප්‍රිය ආහාරයක් වී ඇති ෆ්‍රයිඩ් රයිස් (Fried Rice) නමැති ආහාරය සැකසීමේදී බත් වාර කිහිපයක් රත් කිරීම මගින් එහි ඇති පෝෂණය විනාශ වේ. එසේම මෙම ෆ්‍රයිඩ් රයිස් සැකසීමේදී භාවිතා කරන විවිධ වර්ගයේ රස කාරක ලුණු නිසා (MSG) පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරයි. එබැවින් ෆ්‍රයිඩ් රයිස් යනු පෝෂ්‍යදායී ආහාරයක් නොව රෝග ඇති කිරීමට හේතු වන ආහාරයක් බව කිව යුතුය.

සිරුරේ පිළිකා ඇති වීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ආම්ලික ආහාරපාන බහුලව ගැනීමය. එනම් ලුණු රසය වැඩි ආහාරපාන නිතර නිතර ගැනීමය.

මෙම ආම්ලික බව නැති කිරීම සඳහා භාෂ්මික ආහාර වර්ග වැඩිපුර ගත යුතුය. එනම් දම් පැහැයට හුරු ආහාර ගැනීමය. ඒ සඳහා බීට්රූට්, දඹල, දම්පාටගෝවා, දම්පාට බෝංචි, දෙළුම්, දම්, වම්බටු ආදී ආහාර වර්ග නිතර කෑමවේලට එක්කර ගත යුතුය.

කටු අනෝදා, කටුපිල, ගොටුකොළ වැනි ආහාරවල පිළිකා සෛල නසන ගුණය ඇත. එනිසා පිළිකා රෝගවලින් පෙළෙන අය මෙම ආහාර වැඩිපුර තම ආහාරයට එක්කර ගත යුතුය.

බත් ආහාරයට ගැනීමේදී තැම්බූ සහල් ඒ සඳහා යොදා ගත යුතුය. සහල් හි කෙඳි සහිත බව වැඩිය. විටමින් ගුණය හොඳින් පවතී.

සහල් ආහාරයට ගැනීමේදී එක්වරක් පමණක් ජලයෙන් තැම්බිය යුතුය. එසේ නොමැතිව කිහිපවරක් තැම්බීම, සහ රත්කිරීම නිසා සහල්වල ඇති පෝෂණය විනාශවීම සහ ඊට විෂ සහිත බව එක් වේ. එවැනි බත් ආහාරයට ගැනීමෙන් සිරුරේ සෛල වර්ධනය විකෘතිවීමට බලපායි. එය නිතර නිතර සිදුවීමෙන් පිළිකා සෛල වර්ධනය වීමට ඇති අවස්ථාව වැඩි වේ.

වැඩිපුර විස්තර සඳහා දුරකථන අංක 0778985757 ඇමතිය හැකිය.

පිළිකා ඇතිවීමට බලපාන ‘ප්‍රයිඩ් රයිස්’

ආයුර්වේද, පාරම්පරික, දේශීය සර්වාංග රස වෛද්‍ය ආචාර්ය වෛද්‍ය වජිරජීව සරත් කුමාර
ජීවබල වෙදමැඳුර, අංක 46/2/4 නැගෙනහිර මාවත, කිරිල්ලවල, කඩවත.

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment