ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය මත පළාත් පාලන ආයතනයන්හි බලය පිහිටුවීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණේ ස්ථාවරය අද (08දා) ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර මහතා ‘දිවයින’ට පැවසීය.
මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය දැඩි පසුබෑමකට ලක්ව ඇති බවත් එහි වාසිය විපක්ෂයට හිමිව තිබීමත් සමග ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට යෑමේදී පොදුජන එක්සත් පෙරමුණේ සහයෝගය අනිවාර්යයෙන් අවශ්‍ය බවද අමරවීර මහතා සඳහන් කළේය.
ප්‍රධාන මැතිවරණ දෙකක් පවත්වා එහි උණුසුම මැකී යෑමටත් පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් ලැබුණු ප්‍රතිඵලයෙන් ආණ්ඩුව කෙරෙහි තිබෙන ජනතා විශ්වාසය බිඳවැටීම මෙන්ම ආණ්ඩුවේ පසුබෑම තේරුම් ගත හැකිබව කී අමරවීර මහතා සභිකයන් විශාල පිරිසක් පත්වීම මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ නැගිටීමේ පළමු වෙඩිමුරය පෙන්වූ බවද කීවේය.
අරුණ බෝගහවත්ත