මහ නගර සභා 28ක් – නගර සභා 36ක් ප්‍රා. සභා 275ක් ඇතුළු
දේශපාලන පක්ෂ 49කින් – ස්වාධීන කණ්ඩායම් 244කින් 75589ක් තරග බිමේ
පළමු ඡන්ද ප්‍රතිඵලය අද රාත්‍රි 11.00ට
මහ නගර සභා 28ක්, නගර සභා 36ක් හා ප්‍රාදේශීය සභා 275ක් ඇතුළු ආයතන 339කට සභිකයන් තෝරා ගැනීමේ පළාත් පාලන ඡන්ද විමසීම අද (06දා) පෙරවරු 7.00ට ඡන්ද මධ්‍යස්ථාන 13759කදී ආරම්භ වෙයි.
වසර හතකට පසුව පැවැත්වෙන මෙම ඡන්ද විමසීම සඳහා දේශපාලන පක්ෂ 49කින් හා ස්වාධීන කණ්ඩායම් 244කින් අපේක්ෂකයන් 75,589 දෙනකු තරග කරන අතර ඉන් නියෝජිතයන් 8287 දෙනකු තෝරා පත්කර ගැනීමට නියමිතය.
මෙවර ඡන්ද ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයන් 17156338 දෙනකු සුදුසුකම් ලබා ඇත. ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ අනුමත ලියැවිල්ලක් ඉදිරිපත් කර සිය අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය වෙයි. ඒ සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියැදුරු බලපත්‍රය, පූජ්‍ය පූජක හැඳුනුම්පත, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, තාවකාලික හැඳුනුම්පත ඇතුළු ලේඛනවලින් එකක් ඉදිරිපත් කළ හැකි වෙයි.
ඡන්ද මධ්‍යස්ථානවලට මැතිවරණ නිලධාරීන්, නිරීක්ෂකයන්, පොලිසිය හා අදාළ ඡන්ද දායකයන් හැර අනවසර කිසිවකුට ඇතුල් විය නොහැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. ඡන්ද මධ්‍යස්ථාන තුළදී ජංගම දුරකථන භාවිතය, ඡායාරූප ගැනීම, වීඩියෝගත කිරීම, අවි ආයුධ සන්තකයේ තබා ගැනීම, මත්ද්‍රව්‍ය හෝ දුම්වැටි භාවිත කිරීම හා ඒවා භාවිත කර පැමිණීම ද තහනම් වෙයි.
මේ අතර ඡන්ද පළේ සිට මීටර් 500ක් දුර ප්‍රමාණයක් ඇතුළත කිසිදු ඡන්ද දායකයකුගෙන් ඡන්දය ආයාචනය කිරීම, වෙනත් අයකුට ඡන්දය නොදෙන ලෙස ඉල්ලීම, ප්‍රචාරක අත්පත්‍රිකාවක්, ප්‍රදර්ශන පත්‍රයක්, දැන්වීම් කොළයක් හෝ බෙදාහැරීම තහනම් වෙයි.
ඡන්ද සලකුණු කිරීම පස්වරු 4.00ට අවසන් කිරීමෙන් අනතුරුව එම මධ්‍යස්ථානවලදීම ඡන්ද ගණන් කිරීමේ කටයුතු පස්වරුවේ ආරම්භ වෙයි. එක් කොට්ඨාසයකට එක මධ්‍යස්ථානය බැගින් මධ්‍යස්ථාන 5783කදී ගණන් කිරීම සිදුවෙයි. එම ප්‍රතිඵල දිස්ත්‍රික් ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ලබාගෙන ඒ ඒ ආයතන මට්ටමින් ප්‍රතිඵල නිකුත් කරනු ඇත.
පළමු ඡන්ද ප්‍රතිඵලය රාත්‍රි 11.00 පමණ වනවිට නිකුත් කළ හැකි වනු ඇති බවට අනුමාන කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කරයි.
රනිල් ධර්මසේන ඡායාරූප:- සුජාතා ජයරත්න