පුරෝකථන කැලේ ආර්ථිකය වළේ

306

ආර්ථික වර්ධනය පුරෝකථනය කළ මට්ටමට වඩා අඩුවීමේ අවදානමක් ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

අපනයන අංශය යථාතත්ත්වයට පත්වීම කෙරෙහි බලපෑම් ඇති කරන ගෝලීය අංශයේ අහිතකර ප්‍රවණතා මෙන්ම පුහුණු ශ්‍රමිකයින් විදේශවලට සංක්‍රමණය වීම හේතුවෙන් ඵලදායිතාව අඩුවීම සහ ව්‍යුහාත්මක බාධා හේතුවෙන් ආර්ථික කටයුතුවලට සිදුවිය හැකි බලපෑම් මගින් කෙටිකාලීනව මෙන්ම දිගුකාලීනව ආර්ථික වර්ධනය මෙසේ අපේක්ෂිත මට්ටමට වඩා අඩුවීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම මුදල් ප්‍රවෘත්ති වාර්තාවේ සඳහන් වේ.

මුදල් ප්‍රතිපත්ති ලිහිල්වීම සහ දේශීය ආර්ථික ක්‍රියාකාරකම් වැඩි දියුණු වීමේ සහාය ලබමින් 2023 වසරේ මාර්තු සිට පෞද්ගලික අංශය වෙත සපයන ණය ප්‍රමාණයේ වර්ධනයක් දක්නට ලැබෙන අතර මෙම වර්ධනය ඉදිරියේදී ද දක්නට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දැනට පුරෝකථනය කර ඇති ආකාරයට ආර්ථික වර්ධනය කෙටි කාලීනව මන්දගාමීව පවතිනු ඇතැයි අපේක්ෂා කරන නමුත් ආර්ථිකය ක්‍රමයෙන් වර්ධනය කිරීමට හැකි ඉහළ වර්ධන මට්ටම කරා ළඟාවනු ඇතැයි ද මහ බැංකුව නිකුත් කළ නවතම මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ සඳහන් වේ.

ආර්ථිකය පසුගිය කාර්තු 6ක් පුරා ඍන ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමෙන් පසුව ගිය වසරේ (2023) තුන්වන කාර්තුවේදී සියයට 1.6ක ධන ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇත. එසේම වසරේ (2024) දී සියයට 2ක පමණ ධන ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment