පෙමට මිනි මැරූ දෙදරු පියා එල්ලුම් ගස්

306


ප්‍රේම සම්බන්ධතාවයට විරුද්ධවී යැයි වසර 19කට පෙර තිස්සමහාරාම උද්දගන්දර ප්‍රදේශයේදී සිව් දරු පියෙකුට පිහියෙන් ඇණ ඝාතනය කිරීමේ සිද්ධියට වැරදි කරු වු පුද්ගලයෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා මරණීය දණ්ඩනය නියම කළේය.ඊට අමතරව මරණකරුගේ 15 හැවිරිදි පුත්‍රයාට පිහියකින් ඇණ මරණීය තුවාල සිදුකළ බවට චෝදනා එල්ලවූ චුදිතයින් දෙදෙනාටද වසර 06 බැගින් වු බරපතළ වැඩ සහිත සිරදඩුවමක් හා රුපියල් 5000ක දඩයක්ද මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.
මෙලෙස මරණ දඩුවම නියම වුයේ දෙදරු පියෙකු වන රදම්පල,උනාකූරුවලදික්වැල්ල පදිංචි 38 හැවිරිදි හංගමුව නැකතිගේ දුමින්ද නැමති අයටය. සිර දඩුවම් හා දඩ නියම වුයේ මරණීය දණ්ඩනය හිමි වු චුදිතයේ බාල සහෝදරයා වන තිස්සමහාරාම උද්දගන්දර පදිංචි 36 හැවිරිදි දෙදරු පියෙකු වන හංගමුව නැකතිගේ රංජිත් නැමති අයට හා යෝධකණ්ඩිය තිස්සමහාරාම පදිංචි 36 හැවිරිදිදෙදරු පියෙකු වන වික්‍රමසිංහආරච්චිගේ කැළුම් චතුරග නැමති චුදිතයන්ටය.

advertistmentadvertistment
advertistmentadvertistment