පොලිස්පතිට තව දින 06යි

771

වත්මන් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට ලබාදී ඇති සේවා දිගුව මෙම මස 26 වනදායින් අවසන්වීමට නියමිතය.පොලිස්පතිවරයා පසුගිය මාර්තු මස 26 වැනිදා විශ්‍රාම යාමට නියමිතව තිබුණි. ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත්තේය.කෙසේවෙතත් එම කාලය තව දින 06කින් අවසන්වේ. අතර ඉන් අනතුරුව නව පොලිස්පතිවරයෙකු පත්කිරීමට නියමිතය.මීළඟ පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය සහ අජිත් රෝහණ යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇත.එහෙත් මේ දක්වාත් පොලිස්පති ධුරයට පත් කරන පුද්ගලයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැත.


advertistmentadvertistment