මානව හිමිකම් කොමිසම දේශබන්දුගෙන් ප්‍රශ්න කරයි

348

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (13 වැනිදා) උදේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණියේය.

පසුගිය 09 වැනිදා ගාලු මුවදොර, අරලියගහ මැඳුර අසල සහ රටේ විවිධ ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන්හිදී නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට අපොහොසත් වීම පිළිබඳව කරුණු විමසීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාව කළ කැඳවීමකට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එහි පැමිණියේය.

මීට පෙර මෙම සිද්ධියට අදාළව කරුණු විමසීම සඳහා පොලිස්පතිවරයා සහ යුද හමුදාපතිවරයා මානව හිමිකම් කොමිසමට කැඳවනු ලැබූ අතර, එම පරීක්‍ෂණයේදී නිරීක්‍ෂණය කරන ලද කරුණු අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර තිබිණි.

ඒ අනුව ඔහු ඊයේ උදේ 10.00 ට මානව හිමිකම් කොමිසමට පැමිණියේය.

මානව හිමිකම් කොමිසමෙහි නිලධාරීන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් පැයක කාලයක් අදාළ සිද්ධීන් සම්බන්ධව කරුණු විමසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment