පොලිස් ආරක්ෂාව මැද ඡන්ද පෙට්ටි අද මධ්‍යස්ථානවලට

5

රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,759 ක්
ඡන්දදායකයෝ 17,156,338 ක්

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි පොලිස් ආරක්ෂාව මැද අද (05දා) පෙරවරුවේ සිට ඡන්ද මධ්‍යස්ථාන කරා ගෙන යෑමට නියමිතය.

ඡන්ද විමසීම වෙනුවෙන් රටපුරා ඡන්ද මධ්‍යස්ථාන 13,759ක් පිහිටුවා ඇති අතර අද උදෑසන සිට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල සිට ඡන්ද පෙට්ටි අදාළ ලිපිලේඛන සහිතව මධ්‍යස්ථාන කරා පිටත් කර හැරීම සිදුවන බව මැතිවරණ කාර්යාලය සඳහන් කරයි.

ඡන්ද විමසීම හෙට (6දා) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා සිදුකරන අතර එහිදී ඡන්ද දායකයෝ 17,156,338 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතව සිටිති.

මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු පෙරේදා (03දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර තරග කරන පක්ෂවලට එක් කාර්යාලයක් පවත්වාගෙන යෑමට අවසර දී තිබිණි. සෙසු සියලු ප්‍රචාරක කාර්යාල ඊයේ සිට ඉවත් කළ යුතුව තිබිණි.

අනවසර සියලු නීති විරෝධී ප්‍රචාරක දැන්වීම් හා කාර්යාල ඉවත් කිරීම අද දිනය තුළ පොලිසිය මගින් සිදුකෙරේ.

රනිල් ධර්මසේන


advertistmentadvertistment