පොලිස් නිලධාරීන් දෙදෙනකු සපා කෑ සැකකරු අත්අඩංගුවට

39

සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය මොහොතේ එම සැකකරු තංගල්ල පොලිසියේ පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ කම්මුලක් සහ ඇඟිල්ලක් සපාකෑම නිසා එම නිලධාරීන් දෙදෙනා තංගල්ල රෝහලට ඇතුළත් කර ඇත. ඒ මොහොතේ එම ස්ථානයට පැමිණි තංගල්ල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක කපිල සේනාධිපති මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු හිටපු හමුදා සෙබළෙකි. (ආබාධිත) මොහු සිය බිරිඳව නිවසේ දණගස්වා ඇයට පරුෂ වචනයෙන් දෝෂාරෝපණ එල්ල කරද්දී පොලිස් 119 ඒකකයට ලැබුණු තොරතුරක් ඔස්සේ පොලිස් නිලධාරීන් දෙදෙනා ද එම නිවසට ගොස් ඇත.

බිරිඳට කුරිරු අන්දමින් හිංසා නොකරන ලෙස පොලිස් නිලධාරීන් ඔහුට අවවාද කළ මොහොතේ පොලිස් නිලධාරීන්ට ද ඔහු බැනවැදී කලහකාරී ලෙස හැසිරී ඇතැයි පොලිසිය කියයි.

ඔහු අත්අඩංගුවට ගැනීමට යද්දී තංගල්ල පොලිසියේ සැරයන්වරයකුගේ සහ කොස්තාපල්වරයකුගේ මෙසේ කම්මුල සහ ඇඟිල්ලක් සපාකා තිබේ.

නෝමන් පලිහවඩන, මත්තල – දිලිප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment