හාඩි කාර්මික විද්‍යාල සිසුවෝ සහ ඥාතීහු මොනරාගල උසාවිය ඉදිරිපිට නිහඬ විරෝධතාව
බඩල්කුඹුර පොලිස් වසමට අයත් කිරමනාගොඩ ප්‍රදේශයේ ඔයකින් දිය නාමින් සිටියදී බීමත්ව පැමිණි පිරිසක් පොලුවලින් පහරදීමෙන්, අප්‍රේල් 14 වෙනිදා මියගිය අම්පාර හාඩි කාර්මික විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මැදගම අම්පිටියාගල 02 කණුව අසල පදිංචි එම්. ජී. පුබුදු මහේෂ් චතුරංග (23) නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් නිසි දඬුවම් ලබාදී යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින් හාඩි කාර්මික විද්‍යාලයේ සිසුන් පිරිසක් සහ ඔහුගේ ඥාතීන් ඉකුත් 12 වෙනිදා මොනරාගල මහෙස්ත්‍රාත් උසාවිය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක නිරත වූහ.
අප්‍රේල් 13 දා මියගිය ශිෂ්‍යයා සහ ඔහුගේ මිතුරන් කිහිපදෙනෙකු කුඹුක්කන් ඔයේ දියනෑමට පැමිණ ඇත. ඒ අවස්ථාවේ කුඹුක්කන්ඔය ඉවුරේ තවත් පිරිසක් මත්පැන් පානය කරමින් සිට ඇත
දෙපිරිස අතර ඇතිවූ බහින් බස්වීමකින් පසු මත්පැන් පානය කරමින් සිටි අය අනෙක් පිරිස දියනාමින් සිටියදී පොලු මුගුරුවලින් පහරදී ඇත
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ පුබුදු මහේෂ් චතුරංග බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක