සපුගස්කන්ද විශාඛා කලා දින උළෙලට කුමාර තිරිමාදුර එක්වී….

104

බියගම අධ්‍යාපන කොට්ඨාසයට අයත් සපුගස්කන්ද විශාඛා බාලිකා විද්‍යාලයේ 2023 වසරේ කලා දිනය ඉකුත් සිකුරාදා (27 දා) පෙරවරුවේ එම විද්‍යාලයීය ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. “2023 පුන්මදාරා කලා මංගල්‍යය” නම් වූ මෙම කලා දිනය විද්‍යාලයීය උසස් පෙළ කලා අංශය මගින් සංවිධානය කරනු ලැබීය. මෙහි ප්‍රධාන ආරාධිතයා වූයේ සම්මානනීය ප්‍රවීණ රංගවේදී කුමාර තිරිමාදුර මහතාය. තවද මෙම කලා උළෙලට බියගම, කැලණිය හා කොළඹ ප්‍රදේශවල ආරාධිත පාසල් 20 කින් සිසු සිසුවියන් 100 ක් පමණ දෙනකු ද සහභාගි විණි. මෙම උළෙලේදී විද්‍යාලයේ සිසුවියන් අතර කලා දිනය නිමිත්තෙන් පවත්වන ලද තරගාවලියේ ජයග්‍රාහිකාවන්ට සහතිකපත් ද ප්‍රදානය කෙරිණි. මෙම උළෙල සිසුවියන්ගේ නර්තන, ගායනා හා නාට්‍ය වලින් තවත් වර්ණවත් විය.

සපුගස්කන්ද විශාඛා කලා දින උළෙලට කුමාර තිරිමාදුර එක්වී….

විද්‍යාලයේ උසස් පෙළ කලා අංශ ප්‍රධානි බැරගම අරියදේව හිමියෝ ද කැලණිය කලා අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා නිල්මිණි පෙරේරා, බියගම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා ඉනෝකා කුමාරි හා විදුහල්පතිනි දයානි තිලකසිරි යන මහත්මීහු ද විද්‍යාලයීය කලා සාගමයේ සභාපතිනි ශකිණි අරෝෂා සිසුවිය ද එහිදී කතා කළහ. ප්‍රධාන ආරාධිත, ප්‍රවීණ රංගවේදී කුමාර තිරිමාදුර මහතා විසින් සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රාහක සිසුවියන්ට සහතික පත් ප්‍රදානය කළ අයුරු හා එම ප්‍රසංගයේ අවස්ථාවක් ද මෙහි දැක්වේ.
දෙල්ගොඩ ඩබ්ලිව්. ඩී විතාන හා බියගම සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment