අන්තර් දිස්ත්‍රික් කාන්තා අවුරුදු 23න් පහළ විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය – අනුරාධපුරයත් අපරාජිතයි

68

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන අන්තර් දිස්ත්‍රික් කාන්තා අවුරුදු 23න් පහළ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අපරාජිත අනුරාධපුර කාන්තා කණ්ඩායම සිය තෙවැනි ජය වාර්තා කිරීමට සමත් විය.

ඔවුන්ට අමතරව ත්‍රිකුණාමලය සහ යාපනය ජයග්‍රහණ අත්පත් කර ගත්තේය.

කුරුණෑගල සහ අනුරාධපුර කණ්ඩායම අතර තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අනුරාධපුර කණ්ඩායම පන්දුවාර 19.4කදී ලකුණු 106කට දැවී ගියේය. ජයග්‍රාහී ලකුණ 107ක් හඹාගිය කුරුණෑගල කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකිවූයේ ලකුණු 105ක් පමණි. ඒ අනුව අනුරාධපුර කණ්ඩායමට එක් ලකුණක ජයක් හිමිවිය.

ලකුණු සාරාංශය – අනුරාධපුර: 106 (19.4) (නිම්සහා මධුවන්ති 45, නිලුක්ෂි කාවින්ද්‍යා 16, හංසිකා නිපුනි 3/18, අශානි කෞෂල්‍යා 2/12, නෙත්මි උපේක්ෂා 2/15) කුරුණෑගල 105/5 (චමෝදි දේවිනිද් 28, අශානි කෞෂල්‍යා 26, නෙත්මි උපේක්ෂා 25)

advertistmentadvertistment
advertistmentadvertistment