කොළඹ, ගාල්ල, යාපනය, නුවර  අවසන් පූර්ව වරම් ලබයි

134

නැෂනල් සුපර් ලීග් සිව් දින ක‍්‍රිකට් තරගාවලිය

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද නැෂනල් සුපර් ලීග් සිව් දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග සඳහා කොළඹ, ගාල්ල, යාපනය සහ නුවර කණ්ඩායම් සුදුසුකම් ලබා සිටියි.

එම කණ්ඩායම් අතර අවසන් පූර්ව තරග මෙම සති අන්තයේ දී හම්බන්තොට සහ මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතය.

නැෂනල් සුපර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටය යටතේ ලබා ගත් ජයග‍්‍රහණ අතරින් ප‍්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටීමට කොළඹ කණ්ඩායම සමත් වූ අතර මහනුවර කණ්ඩායම එහි දෙවැනි ස්ථානයට පත් වූයේය.

ගාල්ල කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයටත්, යාපනය කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ සිව් වෙනි ස්ථානයටත් පත් විය.

දඹුල්ල කණ්ඩායම සමඟ පෙරේදා (27 දා* නිමා වූ මූලික වටයේ අවසන් තරගයේ පළමු ඉනිමේ ජයග‍්‍රහණයක් ලබමින් යාපනය කණ්ඩායම අවසන් මොහොතේ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබීය.

ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු වැනි ස්ථානයේ පසුවන කොළඹ කණ්ඩායම සහ ප‍්‍රසාද ලකුණු සටහනේ සිව්වෙනි ස්ථානයේ පසුවන යාපනය කණ්ඩායම අතර තරගය හම්බන්තොටදී පැවැත්වීමට නියමිතය.

ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවෙනි ස්ථානයේ පසුවන මහනුවර කණ්ඩායම සහ ප‍්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේ රැුඳී සිටින ගාල්ල කණ්ඩායම අතර තරගය පල්ලෙකැලේ දී පැවැත්වීමට නියමිතය.

මේ මස 31 වැනිදා සිට ලබන මස 03 වැනිදා තෙක් අවසන් පූර්ව තරග පැවැත්වේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment