ඩොලරයත් සමග අමු තේ දලු මිලත් පල්ලම් බසී

219

කුඩා තේ ඉඩම් හිමියෝ හාන්සියි

පසුගිය වසර දෙක තුළ දිවයිනේ ඇතිවූ ආර්ථික උද්ධමනයත් සමග ඉහළ ගිය අමු තේ දලු මිල ඩොලරයේ අගය පහත වැටීමත් සමගම ශීඝ්‍රයෙන් පහළ යෑම නිසා මේ වන විට කුඩා තේ ඉඩම් හිමියෝ සිය තේ ඉඩම් නඩත්තු කර ගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ පා සිටිති.

පසුගිය කාලයේ රුපියල් තුන්සිය දක්වා ඉහළ ගිය අමු තේ දලු කිලෝව මේ වන විට රු. 125 සිට රු. 160 දක්වා පහත වැටී ඇත. නමුත් අමු තේ දලු නිෂ්පාදන වියදම් කිසිවක් අඩුවී නොමැත. පොහොර මිල රු. 12000 කි. දලු නෙළීම සඳහා දිනකට කම්කරු කුලිය රු. 1500 කි. දලු නෙළන අයකු දිනකට නෙළන දලු ප්‍රමාණය කිලෝ 15 ත් 20 ත් අතර වේ. තේ ඉඩම්වල වෙනත් නඩත්තු කටයුතු සඳහා දිනක කම්කරු කුලිය රු. 2000 කි. මිල පහළ යෑමේ මේ තත්ත්වය නිසා කම්කරුවන්ගේ දෛනික ආදායම පහත වැටී අසීරුතාවයකට පත්ව සිටිති.

මෙම තත්ත්වය අනුව තේ ඉඩම් නඩුත්තු කර ගැනීමේ අපහසුතාව නිසා බොහෝ කුඩා තේ ඉඩම් හිමියෝ හැකි අයුරින් තමන්ගේ ඉඩම්වල වගා කටයුතු කර ගැනීමට පෙළඹී සිටිති. එසේ කර ගැනීමට අපහසු අය ඉඩම් අත්හැර දැමීමට පෙළඹී ඇත.

මෙම අර්බුදයට රජය මැදිහත්වී වගා විසඳුමක් ලබා නොදුනහොත් තේ දලු නිෂ්පාදනයෙන් 75% ක් පමණ නිෂ්පාදනය කරන කුඩා තේ ඉඩම්වල දලු නිෂ්පාදනය නතරවී තේ වගාව දැඩි අර්බුදයකට ලක්විය හැකි බව කුඩා තේ ඉඩම් හිමියෝ පෙන්වා දෙති.
නාකියාදෙණිය – ඩී. වී. වික්ටර් ජයසුන්දර සහ බලන්ගොඩ – එන්. එච්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment