මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන් හීල් දානය පිරිනමන අයුරු.
මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදුවූ හා ඒ තුළින් මෙරට බුදු සසුන පිහිටුවීම සිදුවු පොසොන් පෝය නිමිත්තෙන් විවිධ පුද්ගලයන් හා ආයතනය සිදුකරන පිංකම් රැසකි. ඒ අතරිනුත් දශක හතරක් පුරා ක්‍රියාත්මක වන සුවිශේෂි සහ දැවැන්ත වැඩසටහනක් වනුයේ දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන මහජන බැංකුව වාර්ෂිකව සංවිධානය කරන පොසොන් පෝදා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් අබියස සිල් සමාදන් වූ උවැසි උවැසියන් හට උදෑසන හීල්දානය පිරිනැමීමේ පුණ්‍යකර්මයයි.
1983 වසරේ සිට පවත්වාගෙන යන මෙම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යමින් මෙවර පොසොන් පෝය දිනය වෙනුවෙන්ද සිල් සමාදන් වූ උවැසි උවැසියන් 20,000කට අධික පිරිසකට උදෑසන හීල්දානය පිරිනැමීමට මහජන බැංකුව කටයුතු කළේය. මෙම වසරේ විශේෂත්වය වන්නේ අනුරාධපුර ශ‍්‍රී මහා බෝ සමිදුන් අබියස මෙන්ම රුවැන්වැලි මහා සෑය අබියස දීද මෙම පිංකම ක්‍රියාවට නැංවිමයි.
මෙම දානමය පුණ්‍යකර්මයට මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) මහින්ද ප්‍රේමනාත්, අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන යන මහත්වරුන්, අනුරාධපුර ප්‍රාදේශිය කළමනාකාරිනි ඉඳුමිණි රත්නායක මහත්මිය ඇතළු ප්‍රාදේශීය කළමනාකාර කළමනාකාරවරියන්, සහකාර ප්‍රාදේශීය කළමනාකාර කළමනාකාරිනියන්, ශාඛා කළමනාකාරවරුන්, මහජන බැංකු බෞද්ධ සංගමයේ නිලධාරීන් ඇතළු මහජන බැංකු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහභාගි වූහ.