මෙරට නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි සදාහරිත පාරාදීසයක් “Sun Siyam Pasikudah” හෝටලය 2024 පෙබරවාරි 4 වැනිදාට යෙදුණු 76 වැනි නිදහස් දින සැමරුම උත්කර්ෂවත් අයුරින් සමරන ලදී. දීර්ඝ නවීකරණ ක්‍රියාවලියකින් පසු 2023 නොවැම්බර් මාසයේදී යළි විවෘත කෙරුණු Sun Siyam Pasikudah හෝටලය, අසමසම ආගන්තුක සත්කාරයක් සපයමින් දිවයිනේ නැගෙනහිර කලාපයට දෙස් විදෙස් සංචාරකයින් ආකර්ෂණය කිරීමෙහිලා ගනු ලබන පුරෝගාමී මෙහෙවර ද මෙහිදී සැමරුමට ලක්විය.

නිදහස් දින සැමරුමේ ප්‍රධාන අංගයක් වූයේ ජාතික ගීය වාදනයවන අතරතුර ජාතික ධජය සහ හෝටල් ධජය එසවීමයි. ඒ සඳහා හෝටලයේ නවාතැන් ගෙන සිටි සංචාරකයින් එක්වීම විශේෂත්වයක් විය. ඉන් අනතුරුව සියලු දෙනාටම එකිනෙකා සමඟ සුහද කතාබහකට නියැළීමේ අවස්ථාව උදාකරමින් තේපැන් සංග්‍රහයක් පිරිනැමීමට ද හෝටල් කාර්යමණ්ඩලය කටයුතු කළේය.
Sun Siyam Pasikudah හෝටලය Studio Sixty7 සමඟ එක්ව සිදුකළ නවීකරණය ක්‍රියාවලියෙන් අනතුරුව නැවත සංචාරකයින් හට විවෘත වූයේ 2023 නොවැම්බර් 17 වැනිදා ය. එම නවීකරණයේදී සිත් වසඟකරවන අයුරින් සුඛෝපභෝගීත්වය සහ සංස්කෘතික උරුමය කැටිකරගත් හෝටල් පරිසරයක් නිර්මාණය කිරීමට හැකිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment