“ඉතිරිය තියන තැන” ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී උත්සවශ්‍රීයෙන් දියත් කරන ලද අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍ර‍ධාන ආරාධිතයා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

එසේම ශ්‍රී ලංකා මහා බැංකුවේ සහකාර අධිපති ඵ්. ඒ. එම්. තාසිම් මහතා විශේෂ ආරාධිතයන් වූ අතර සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙහි සභාපති ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩලය, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරී /ප්‍රධාන විධායක නිලධාරී අජිත් පීරිස් මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීතුමන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, සහකාර සාමාන්‍යාධිකාරීවරුන් කලාප කළමණාකරුවන් මෙන්ම අනෙකුත් නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම උදාර අරමුණ සාක්ෂාත් කර ගැනීමේදී සෑම පුද්ගලයෙකුම ඉතුරුම් පුරුද්ද වර්ධනය කිරීම තුළින් මූල්‍ය විචක්ෂණභාවය ඇති කර ගැනීම සඳහා ඔවුන්ගේ සමාජ ස්ථරය නොසලකා ජනතාව දැනුවත් කිරීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව කටයුතු කර ඇත.

ඔක්තෝබර් 31 වන දිනට යෙදුන ලෝක සකසුරුවම් දිනය සැමරීමේදී, ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ඔක්තෝබර් මාසය පුරා සකසුරුවම් සහ අරපිරිමැස්ම සැමරීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පුරෝගාමී වී ඇති අතර එය අපගේ ආයතනික දින දර්ශනයේ සකසුරුවම් මාසය ලෙස නම් කර ඇත.

තවද, කැටය එක වරක් පිරී ඇති විට ඉතිරි කරන්නාට තෘප්තිමත් හැඟීමක් ලබා දෙන අතර එමඟින් ඉතිරි කරන්නා තව තවත් ඉතිරි කිරීමට දිරිමත් කරයි. ලොකුවට හිතීමෙන් විශාල ජයග්‍රහණ කරා යොමු කරයි. සිය සකසුරුවම් මාසික වැඩසටහනට සමගාමීව 2023 වසරේ දී NSB “ඉතිරිය තියන තැන” ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහන නැවත දියත් කිරීමට කටයුතු යොදා ඇත.

NSB “ඉතිරිය තියන තැන” ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහන නැවත දියත් කිරීමෙන්, ජනතාව දැනුවත් කිරීම සඳහා සහ විශේෂයෙන්ම බිම් මට්ටමේ බැංකු නොමැති සහ අඩු බැංකුකරණයක් ඇති අය සඳහා මූල්‍ය අන්තර්ගතභාවය ලබා දීම සඳහා රට පුරා සංකේතාත්මක පෙරහැර පැවැත්වීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව අපේක්ෂා කරයි. සමාජය මෙන්ම සමාජයේ වඩාත් යහපත් කොටස්වලට ඉතුරුම් සංස්කෘතිය වැළඳ ගන්නා ලෙස ආමන්ත්‍රණය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment