පොහොට්ටුවෙන් ජනපතිට වංගුවක්

1061

15 තෙක් කල්දෙයි

සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට එකතු වෙනවා යැයි කියූ විසිපස්දෙනා ජූලි මස 15 වැනිදාට ප්‍රථම එසේ ආණ්ඩුවට එක්කර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත සිහිකැඳවීමක් සිදු කර ඇත.

එබැවින් සමගි ජන බලවේගයෙන් පැමිණෙනවා යැයි කියූ පිරිස කඩිනමින් එක කර ගන්න ලෙස මෙලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට දන්වා යවා ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා මේ වන විටත් අභ්‍යන්තර සාකච්ඡා පවතින අතර බිම්මට්ටමින් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙස දැඩි බලපෑම් එල්ලවෙමින් පවතින බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment